නවසීලන්තයේදී බංග්ලාදේශයට මොකද වුණේ ?

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා. ඒ තරගාවලියේ තරග තුනම පහසුවෙන් ජය ගනිමින්. දෙරට අතර පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 236 ක් ලබා ගත්තා.

ඊට පිලිතුරු ලෙස නවසීලන්තය පන්දුවාර 41 යි පන්දු 2 ක් තුල කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 239 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. කෙන් විලියම්සන් සහ බෘම්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය මෙම ජයග්‍රහණය වඩා පහසුකළා. විලියම්සන් නොදැවී ලකුණු 95යි. බෘම් ලකුණු 97 ක් ඉනිමට එක්කළා.

කෙසේ වෙතත් මේ වන විට පෙරලිකාර කණ්ඩායමක් බවට පත්ව සිටින බංග්ලාදේශය මෙම තරගාවලියේදී ලැබූ පරාජය බොහෝ විචාරකයින්ගේ කථාබහට ලක්ව තිබෙනවා. නවසීලන්තයට මෙතරම් පහසුවෙන් එක්දින තරගාවලිය ජය ගැනීමට නොහැකි වනු ඇති බවයි තරගාවලියට පෙර විශ්වාස පළකර තිබුණේ.

One thought on “නවසීලන්තයේදී බංග්ලාදේශයට මොකද වුණේ ?

  • January 6, 2017 at 1:09 pm
    Permalink

    නවසීලන්තෙදි නවසීලන්තෙට ගහනවා කියන්නෙ බොරු

    Reply

Leave a Reply

Your email address will not be published.