ලංකාවට බැට දෙන්න හිටපු නායක පෙන්ටින්ව කැදවයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා හිටපු ක්‍රිකට් නායක රිකී පොන්ටින්ගේ සහය ලබාගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසයි ඔහුව නම්කර ඇත්තේ.

තේරීම් කටයුතු සදහා හෝ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව පොන්ටින් පසුගිය නොවැම්බර් මාසයේදී කියා සිටියා. 2012 වසරේ ක්‍රිකට් පිටියෙන් සමුගත් ඔහු පසුගිය වසර දෙකේදීම ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය ලබන පෙබරවාරි 17 වැනිදා ඕස්ට්‍රේලියාවේ MCG පිටියේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර දෙවන තරගය 19 වනදාත් තුන්වන තරගය 22 වනදාත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

One thought on “ලංකාවට බැට දෙන්න හිටපු නායක පෙන්ටින්ව කැදවයි

Leave a Reply

Your email address will not be published.