රාත්‍රී තැපැල් දුම්රියේදී විදෙස් සිසුවියන් දෙදෙනෙකු සමූහ දූෂණයන්ට කොටුවෙයි

කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේදී ගමන් කළ විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනා කොටුකර ගත් කාමාතුරයන් හයදෙනෙකු ඔවුන්ට පිහි පෙන්වා දූෂණය කිරීමට උත්සාහ දරා තිබෙනවා. මේ අවස්ථාවේ සිසුවියන් දෙදෙනා දුම්රිය මගීන්ගෙන් ආධාර ඉල්ලා සිටිය ද ඔවුන්ව බේරාගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත්ව නැහැ.

මෙම කාමාතුරයන්ගේ තර්ජනය කිරීම් හමුවේ දුම්රිය මැදිරිය තුළ අයිනක සිරව සිටි එම සිසුවියන් දෙදෙනා පැය තුනකට අධික කාලයක් ෙ හිරිහැරයට ලක් ව තිබෙනවා.

දුම්රිය මගීන් මෙය නොදැක්කා සේ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ හිත් පිත් නැතිවයි. එහෙත් එම දුම්රියේම ගමන් කළ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී.එස්. එම්. චාල්ස් මහත්මිය එම ස්ථානයේ යම් කලහකාරී තත්ත්වයක් පවතින බව දැන එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එවිට පිහි පෙන්වා එම සිසුවියන්ට තර්ජනය කරමින් අඩන්තේට්ටම් කරන බව දැක කඩිනමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු හා ජංගම දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මෙම තත්ත්වය පැහැදිලි කර දෙමින් එම තරුණියන් දෙදෙනා බේරාගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස ලේකම්වරිය ඉල්ලා ඇතැයි සදහන්.

ඒ අනුව දුම්රිය නතර කර දුම්රිය මැදිරියට ගොඩ වූ පොලිස් නිලධාරීන් එම කාමාතුරයන් හයදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම විදේශීය විශ්වවිද්‍යාලයීය සිසුවියන් දෙදෙනාව පොලිසිය බාරයට ගෙන ආරක්ෂාකාරී ලෙස ඔවුන්ගේ ගමනාන්තය දක්වා රැගෙන යාමට කටයුතු කළේ දිස්ත්‍රික් ලේකම්වරියගේ මැදිහත්වීමෙනුයි.

Leave a Reply

Your email address will not be published.