දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකාව දණින් වැටේ

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 110 කට සීමා වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිම සදහා ලකුණු 392 ක් ලබා ගත්තා.   මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 282 ක් පිටිපසිනුයි සිටින්නේ.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුණේ උපුල් තරංග. නොදැවී ලකුණු 26 ක් ඔහු කණ්ඩායමට එක්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ සහ පසුපෙළ කඩුලු සියල්ල එකිනෙක දැවී ගියේ වගකීම් විරහිතව පිතිකරණයේ යෙදීම හේතුවෙන්.

මේ අනුව දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාව තරගයේ තුන්වන දිනය වූ අද තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 35 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 317 ක් ඉදිරියෙනුයි සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.