කොටදෙණියාවේ පොල් කඩන්නකු ගුරුවරියකට හදි කරන්න හදලා

බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නිවෙසට රාත්‍රි ඇතුළු වී තියුණු ආයුධයක් බෙල්ලට තබා තර්ජනය කොට බියවද්දා එම කාන්තාව අපයෝජනයට ලක්කිරීමේ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු ඇයව පිහියෙන් කපා බරපතළ තුවාල සිදුකොට පුද්ගලයකු පලා ගොස් තිබෙනවා. පසුව අසල්වැසියන් විසින් ඇය අකරගම රෝහලට ඇතුළත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර පැය කීපයක ශල්‍යකර්මයක් සිදුකොට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙලෙස බරපතළ කැපුම් තුවාල ලබා රෝහල් ගතකොට ඇත්තේ බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි පෙර පාසල් ගුරුවරියක්. ඇයගේ වයස අවුරුදු 44 ක්.

සිද්ධිය වූ දින ඇය යම් කටයුත්තක් සඳහා මීගමුව නගරයට ගොස් පැමිණ නිවෙසේ තනිව සිටියදී ඇඟපත සෝදා ගැනීමට නිවෙසෙන් එළියට යෑමට පිටුපසට ගොස් තිබෙනවා. ඒ අතර කළුවරේ සිටි අයකු නිවෙසට ඇතුළු වී ඔහු ඇඳ සිටි ටී ෂර්ටය ගලවා එයින් කාන්තාවන්ගේ මුහුණ වසා අපචාරයක් සිදුකිරීමට උත්සාහ කොට ඇති බවයි පොලීසිය පවසන්නේ. සිද්ධියට අදාළ සැකකරු ප්‍රදේශයේ කුලියට පොල් කඩන්නකු බව හඳුනාගත් පසුව ඔහු සමඟ විනාඩි කීපයක් පොරබැදූ එම කාන්තාව සැකකරුගේ දකුණු අතෙහි ඇඟිල්ලක් වෙන් වන සේ සපා කෑ නිසාවෙන් වියරු වූ සැකකරු කාන්තාවගේ බෙල්ලට සහ වම්පාදයේ කලව ප්‍රදේශයට පිහියෙන් ඇන කපා තුවාල සිදුකොට පලා ගොස් තිබෙනවා. ලේ ගලමින් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇය අසල්වැසියන් රෝහල් ගතකොට ඇති බවයි වාර්තා වන්නේ. බීමත්ව නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමට තැත් කිරීම, පහරදී තියුණු ආයුධයකින් බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධකරුව අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිසිය පවසනවා.

 

Leave a Reply

Your email address will not be published.