නව ආන්ඩුවක් හැදීම ගැන ජනපති කථා කරයි

කිසිවෙකුට තමා සමග එක්ව අලුතෙන් ආණ්ඩු සෑදීමට අවශ්‍ය නොවන අතර තිබෙන ආණ්ඩුව සමග එක්ව රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස ඒ සියල්ලගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අනාගත බලය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියල්ලන්ම සිදුකරන ප්‍රකාශ පුහු ඒවා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඒ සියල්ල සමාජ විරෝධී ප්‍රකාශ ලෙස තමා දකින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම එවැනි පුහු ප්‍රකාශවලින් තොරව රටේ සැබෑ ප්‍රශ්නය තේරුම්ගෙන එය විසඳීමට සියල්ලන් එක්විය යුතු කාලය පැමිණ ඇති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ. පක්ෂ දෙකක් එක්ව ආණ්ඩු කිරීම විචේචනය නොකළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ජනාපති දෙවැනි පදවිප්‍රාප්තිය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මේබව කියා සිටියේ.

 “මගෙත් එක්ක කවුරුවත් අලුත් ආණ්ඩු හදන්න අවශ්‍ය නැහැ. ඒහැමටම මම කියන්නෙ මේ තියෙන ආණ්ඩුව සමග එකතුවෙලා රට ගොඩනගන්න ඉදිරියට යමු කියලා මම ආයාචනා කරනවා. ආණ්ඩු පෙරළන හිස් බස් පසුපස යාමට අවශ්‍ය නැහැ, අපට ජනතාව බාරදුන්නු කටයුතු කරමු.

Leave a Reply

Your email address will not be published.