අපූරු මනාලයා විද්ද බඩුත් එක්ක මාට්ටු

පුවත්පත් මංගල දැන්වීම්වල පොහොසත් තරුණියන්ට විවාහ පොරොන්දු දී ඔවුන්ගේ මුදල් හොරකම් කළ හොර මනමාලයකු කළුතර කොට්ඨාස විශේෂ විමර්ශන වංචා ඒකකය අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී රුපියල් දහදාහක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය නියෝග කර තිබෙනවා.

මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචි අයකුට මෙසේ මුදල් හා ශරීර ඇප නියම වුණා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි තරුණියක් සමඟ මිත්‍ර වී ඇය විවාහ කරගන්නා පොරොන්දු දී ව්‍යාපාරික කටයුත්තක් සඳහා වාහනයක් ගැනීමට රුපියල් ලක්ෂ 08ක් ලබාගෙන එය ආපසු නොදීම පිළිබඳ පොලිසියට ලද පැමිණිල්ලක් අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කළුතර නගරයේදී ත්‍රිරෝද රථයක් පදවායමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. එම අවස්ථාවේ සැකකරු සතුව තිබූ ත්‍රිරෝද රථයේ ලියවිලි හා රියැදුරු බලපත්‍රයද ව්‍යාජ ඒවා බවට සැක මතුව ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.