මාලිංගගේ අපලය – දකුණු අප්‍රිකා සංචාරයත් අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංගට දකුණු අප්‍රිකාව හා පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 තරගාවලියද අහිමි වී තිබෙනවා. ඒ ඔහු ඩෙංගු රෝගයට ගොදුරුවීම හේතුවෙන්. පාදයේ ආබාධයකට ලක්ව සිටි මාලිංග මේ මසදී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ආරම්භවීමට නියමිත එක්දින හා විස්සය 20 තරගාවලියෙන් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විමට නියමිතව සිටියා.

කෙසේ වෙතත් ඔහු ඩෙංගු රෝගයට ගොදුරුවීමත් ඒ හේතුවෙන් පුහුණුවීම් නිසි අයුරින් ක්‍රියාත්මක කිරිමට නොහැකි විමටත් හේතුවෙන් ඔහුට මෙසේ දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්විමට නියමිත විස්සයි 20 තරග තුන සඳහා එක්වීමට මාලිංග සූදානමින් සිටින බව සදහන්.

පාදයේ ආබාධය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය හා ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලිය අතුළු තරගාවලි කිහිපයක්ම මාලිංගට අහිමිවුණා.

 

Leave a Reply

Your email address will not be published.