චන්ද්‍රිකා මෛත්‍රීගේ කකුලෙන් අදී

මීළග ජනාධිපතිවරණයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිය පක්‍ෂය තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ පිළිබද සිය පක්‍ෂයේ අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පමණක් සිදුව ඇති බවයි හිටපු ජනාධිපතිනිය පැවසුවේ. කොළඹදි පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියාසිටියා.

“එක එක්කෙනා අදහස් කියනවා.. ඒත් පක්ෂය තීන්දු කරලා නැහැ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් තමයි මමත්. ජනාධිපතිතුමා පොරොන්දු වුණා..විධායක ජනාධිපති ධූරය එතුමාගේ ධූර කාලයෙන් පස්සෙ නැති කරනවයි කියලා.”

ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශය කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.

 

Leave a Reply

Your email address will not be published.