මොරගහකන්ද ජනපති සිහිනය සැබෑවේ

මොරගහකන්ද ජලාශයට මංගල දියවර නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඡායනා මැද උදැසන 9.30 පමණ ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා ජලාශයට මංගල දියවර මුදාහැරීම සිදුකරනු ලැබුවා. මෙම අවස්ථාවට අමාත්‍ය දුමින්ද දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු මැතිඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා.

මෙම ව්‍යාපෘතිය මගින් දිවයිනේ පළාත් කිහිපයක ගොවිබිම් වෙත ජලය සැපයීමට නියමිතයි.

මාතලේ, කුරුණෑගල, ති්‍රකුණාමලය, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ති්‍රක්කවල ගොවිජනතාවට එමගින් ප්‍රතිලාභ හිමි වනවා. රජරට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සැපයීම මගින් එම ප්‍රදේශයේ වකුගඩු රෝගයට විසදුමක් ලබාදීමද ව්‍යාපෘතියෙන් අපේක‍්ෂා කෙරෙන තවත් ප්‍රතිලාභයක් වනවා.

 

Leave a Reply

Your email address will not be published.