මහින්ද බලයට එන්න සූදානම්ලු – ජනතාව සූදානම්දැයි අසයි

තමා ජනපතිවරණයට ඉදිරිපත්වූයේ පැන යෑමට නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ඔහුගෙන් ප්‍රශ්න විමසීම සඳහා ට්විටර් ගිණුම හරහා ලබාදුන් අවස්ථාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

“ජාත්‍යන්තර /ආර්ථික අර්බුද හමුවේ ඔබ කළින් ජනපතිවරණයක් කැඳවා ප්‍රශ්ණයෙන් පලාගිය බව ජනපති මෛත්‍රී ඊයේ චෝදනාකළා පිළිතුර?” යනුවෙන් හිටපු ජනපතිවරායාගෙන් විමසන ලද ප්‍රශ්නයකට ඔහු ඉහත පිළිතුරු ලබාදුන්නේ.

සිය පාලන කාලයක් තුළදී යහපාලන රජය යටතේ වැරදි කළ පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ පවතින නිතිය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් වත්මන් රජය විසින් ස්ථාපිත කළ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නීතිවිරෝධී ඒකකයක් බවත් ඔහු එහිදී කියා සිටියා. එසේම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නීතිමය ඒකකයක් බවට පත්කරන බවටද හිටපු ජනපතිවරයා පවසනවා.

එසේම ජනතාව සූදානම් නම් බලය ලබාගැනිම ඉතාමත් ඉක්මනින් කළ හැකි බවත් ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published.