දකුණු අප්‍රිකාවට එරහිව ශ්‍රී ලංකාව නවකයකු කැදවයි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. තරග තුනකින් යුතු තරගාවලිය සදහා නම් කළ කණ්ඩායමට 15 දෙනෙකු ඇතුලත්. කෙසේ වෙතත් පාදයේ ආබාදය සුවවී සිටින ලසිත් මාලිංගට සංචිතයේ ස්ථානයක් හිමිව නැතිවීම කැපී පෙනෙනවා. ඔහු ඩෙංගු රෝගයට පසුගිය කාලයේ ගොදුරුව සිටියද මේ වන විට පූර්ණ සුවය ලබා සිටිනවා. ලසිත් මීට පෙර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට එක්වීමට හැකිවෙතැයි බලාපොරොත්තු තබා සිටියා.

ඇන්ජලෝ මැතිව්ස් / දිනේෂ් චන්දිමාල් / ධනුෂ්ක ගුණතිලක / සීකුගේ ප්‍රසන්න / නිරෝෂන් දික්වැල්ල / සුරංග ලක්මාල් / නුවන් ප්‍රදීප් / ඉසුරු උදාන / කුසල් මෙන්ඩිස් / ධනංජය ද සිල්වා / අසේල ගුණරත්න / සචිත් පතිරණ / ලක්ෂාන් සදකැන් / තික්ෂිල ද සිල්වා සහ නුවන් කුලසේකර ඊට ඇතුලත්ව සිටිනවා.

වයස අවුරුදු 23 ක් වන තික්ෂිල ද සිල්වා සංචිතයට ඇතුලත්ව ඇත්තේ නවක ක්‍රීඩකයකු ලෙසයි.

දෙරට අතර පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.