බුදුරදුන්ගේ පළමු ලංකා ගමනය

තිලෝගුරු සම්මා සම්බුදු රාජණන් උකහාගත් මහා ප්‍රඥාව සියලු සත්ත්වයාට දේශනා කිරීමට මුල් වූයේ දුරුතු පුන් පෝයයි. බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමන සිදු වූයේත් දුරුතු පුන් පෝදාකය. තුන් බෑ ජටිලයන් වූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප ප්‍රධාන දහසක් පමණ ජනයා සදහම් මාර්ගයට යොමු කිරීමත්, මිථ්‍යා මතවලින් පිරී ගිය සමාජයට යථාර්ථය සොයා ගන්නට මංපෙත් විවර කිරීමත් වූයේ දුරුතු පුන් පෝදාක බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

බුදුරදුන්ගේ කේශධාතු මහියංගණ දාගැබේ තැන්පත් කිරීම සිදුවූයේත් දුරුතු පුන් පෝදාකයි.

දුරුතු පුන් පෝදා බුදුරදුන්ගේ ලංකාගමනය හේතුවෙන් යතිවරුන් පත්ඉරුවල පන්හිඳෙන් බුද්ධ ධර්මය ප්‍රකට කිරීමට ගත් තැත හේතුකොට ගෙන අමාවතුර, බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය බඳු සම්භාව්‍ය ගණනයට ගැනෙන ග්‍රන්ථ ලාංකික සමාජයට බිහිවූයේත් සහෘද ගත – සිත – මනස සනසන්නට හේතුවූයේත් දුරුතු පෝදා බුදුරදුන්ගේ ලංකා ගමන හේතුකොට ගෙනයි.

Leave a Reply

Your email address will not be published.