තරුණ මවක් කැලයට ඇදගෙන ගොස් දූෂණය කරලා

බීමට ජලය ඉල්ලාගෙන  නිවසකට පැමිණ විවාහක එක්දරු මවකට පහරදී කැලයට ඇදගෙන ගොස් ලිංගික අතවරයක් සිදුකර පලාගිය විවාහක යුද හමුදා සෙබළකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය  සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිස් වසමේ කීරික්කුළම ඉහළවැව පදිංචි 27 හැවිරිදි විවාහක කාන්තාවක් විසින් පසුගිය 29දා සවස ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් නන්දිකාඩල් කඳවුරේ ඉංජිනේරු සෙබළකු වශයෙන් සේවයේ නියුතු තිරප්පනය ඥානිකුළම උට්ටිමඩුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු දන්නා හඳුනන පුද්ගලයකු නොවන නිසා සෙබළාගේ හැසීරීම් රටාව පිළිබඳව සැක සිතී නිවෙසින් පිටවී යතුරුපැදියේ නැඟී වෙනත් නිවෙසකට යෑමට උත්සාහ දරද්දී සැකකරු එක්වරම තරුණ කාන්තාව අල්ලාගෙන පොර බදමින් නිවෙසට යාබදව මීටර් 200ක් පමණ අෑතින් පිහිටි කැලෑවට ඇදගෙන ගොස් ඇගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ කරද්දී ඇය විසින් සැකකරුට පහරදී අත හපා තුවාල සිදුකර තිබෙන බවද පොලිසිය පැවසුවා.

පැමිණිලිකාරියගේ නිවෙස ආසන්නයේ මාර්ගයෙන් ගමන් කළ කාන්තාවකට දරුවා හා තරුණියගේ කෑගැසීම ඇසී එම ස්ථානයට පැමිණ ඇති බවත් සැකකරු ඒ වන විට ඔහු පැමිණි යතුරුපැදියේ නැඟී පලාගොස් තිබෙන බවත් පොලිසිය කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.