කසිප්පු සමඟ හැඩකාරියක් අල්ලයි

පොහොය දිනයේ වැඩි මිලට අලෙවි කිරීමට නිවෙසේ සඟවා තිබූ කසිප්පු බෝතල් හැටහතක ප්‍රමාණයක් සමඟ ජාවාරමේ නිරතවූ රූමත් තරුණ කාන්තාවක් මිහින්තලය, කල්ලංචිය පොලිස් මුරපොළේ හා මිහින්තලය පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිහින්තලය කල්ලංචිය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයාට පොහොය දිනයේ විකිණීමට කසිප්පු බෝතල් තොගයක් සූදානම් කර තිබෙන බවට ලැබුණු තොරතුරක් මත මිහින්තලය පොලිස් වසමේ ලබුවැව හැටේවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසක් වටලා කාමරයක සඟවා තිබුණු කසිප්පු බෝතල් 67 සමඟ 25 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එක් කසිප්පු බෝතලයක් පොහොය දිනයේදී රුපියල් 500 ඉක්මවූ මුදලකට අලෙවි කරන බවයි පොලිසිය පැවැසුවේ.

Leave a Reply

Your email address will not be published.