ජර්මනියටත් ත්‍රස්ත ප්‍රහාරයක්

ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීමකින් පසුව එහි සේවකයෝ සංකීර්ණයේ කොටු වී සිටියි.

රාත්‍රී 19:40 – ප්‍රහාරකයන් තවමත් නිදැල්ලේ බව පොලිසිය පවසයි.

රාත්‍රී 19:20 – නගර මධ්‍යයේ තවත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෙඩි තැබීම් ගැන සනාථ නොවූ වාර්තා ලැබෙන බව පවසන පොලිසිය එහි පවතින තත්වය පැහැදිලි නැති බවත් පවසයි. ‘කරුණාකර පොදු ස්ථානවල ගැවසීමෙන් වලකින්න’

රාත්‍රී 19:05 – ‘ප්‍රහාරකයන් කොහේ දැයි තවමත් දන්නේ නෑ’ -පොලිසිය පවසයි. ‘ඔබේ ආරක්ෂාව සලල්සා ගන්න. පොදු ස්ථානවල ගැවසීමෙන් වලකින්න’.

සවස 19:00 – ප්‍රහාරයෙන් අඩුම තරමින් තිදෙනකු මියගොස් ඇතැයි සනාත වී තිබෙන බව බවෙරියා ප්‍රාන්තයේ අබ්යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පැවසූ බව ජනමාධ්‍ය වාර්තා කරයි.

සවස 18:45 – පොලිස් ආරක්ෂක මෙහෙයුම ගැන ඡායාරූප හෝ වීඩියෝ පට අන්තරජාලය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් නොකරන මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. “ප්‍රහාරකයන්ට උදවු කරන්න එපා,” පොලිසියේ ට්විටර් පණිවුඩයක දැක්වේ.

හදිසි සහන සේවකයෝ සාප්පු සංකීර්ණය අසලImage copyrightAFP

සවස 18:40 – සේවකයො තවමත් සාප්පු සංකීර්ණය තුල සැඟවී සිටිති. “වෙඩි ගණනාවක් තිබ්බ. කීයක්ද කියල මම දන්නේ නෑ, ඒත් ගොඩක් වෙඩි තිබ්බ,” සඟ වී සිටින සේවකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

සවස 18:30 – ප්‍රහාරකයන් එක් අයෙකුට වැඩි පිරිසක් සාප්පු සංකීර්ණය තුල සිටිති විශ්වාස කරන බව පොලිසිය පවසයි.

නගරයේ දැවැන්ත පොලිස් මෙහෙයුමක් අරඹා ඇති බව ජර්මනියේ පොලිසිය පවසයි. මූසක් දිස්ත්‍රික්කයේ සාප්පු සංකීර්ණය සීල් තබා තිබේ.

ප්‍රහාරයට එක් පුද්ගලයකු පමණක් සම්බන්ධ බවයි වාර්තාවල දැක්වෙන්නේ. සාප්පු සංකීර්ණය ඉහල අහසේ හෙලිකොප්ටර් යානා සැරිසරන අතර සාප්පු සංකීර්ණයේ සේවකයන් එහි කොටු වී සිතන බවත් පැවසේ.

Munich shopping centre

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකුවත් මරුමුවට පත් වී ඇති මියගිය පිරිස ඊට වඩා ඉහල බවට සනාත නොවූ වාර්තා

සංක්‍රමණිකයකු විසින් බැවේරියා ප්‍රාන්තයේදී පස් දෙනකුට පිහියෙන් ඇනීමෙන්අනතුරුව ජර්මනියේ ආරක්ෂක හමුදා සීරුවෙන් තබා තිබිණ.

තවත් ප්‍රහාර එල්ල විය හැකි බවට ජනතාවට අනතුරු අඟවා තිබුන අතර, ප්‍රදේශයෙන් ඉවත්ව සිටින මෙන් මියුනික් (මියුනිච්) පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published.