ඖෂධ මාෆියාවට බැටදුන් සේනක බිබිලේගේ නොදත් ජීවිත කථාව

සර් මට ආයෙ ඉස්කෝලෙ එන්න වෙන්නෙ නැහැ.

ඒ මොකද බිබිලෙ.

අපේ තාත්ත නැතිවුණ හින්ද නංගිලාට මල්ලිලාට වියදම් කරන්න විදිහක් නෑ. ඉතින් මං මොකක් හරි රස්සාවක් කරන්න කියල හිතුවෙ.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත්ම ශිෂ්‍යයකුව සිටි බිබිලේ පැමිණ පංතිභාර ගුරුතුමන්ට මෙහෙම කිව්වෙ ඇස්වල කදුලු පුරෝගෙන.

අම්මට බෑ මටත් වියදම් කරන්න සර්.

මෙවැනි දක්ෂයින් බිහිවන්නේ කලාතුරකින් හින්ද පංතිභාර ගුරුතුමන් කෙලින්ම ගියේ විදුහල්පතිතුමන්ව හම්බ වෙන්න. එතනදි බිබිලෙගෙ වියදම් දරන්න මුදල් තියෙන පුද්ගලයෙක්ගෙ උදව් ගන්න මේ ගුරුවරුන් තීරණය කරනව. ඒ අනුව පාසල් ගමන නතර කරන්නෙ නැතුව දිගටම එන්න 1920 පෙබරවාරි 13 උපන් විලියම් බිබිලෙට හැකිවෙනව.

එතැන් සිට ඉතා කටුකව දිවි ගෙවූ බිබිලෙ පාසල් වැඩ කටයුතු තවත් උනන්දුවෙන් කරන්න ගත්ත. ඉහළින්ම විභාගය සමත්ව කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න ඔහුට හැකියාව ලැබුණ. එත් ජීවිතය සුන්දර වුනේ නැහැ. බොරැල්ලේ කුඩා කාමරයක ලෑලි ඇදක නිදාගෙන වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නයි බිබිලෙට සිද්ධ වුනේ.

උඹ කාලද ඉන්නෙ මිත්‍රයෙක් බිබිලෙගෙන් ඇහුව‍.

ඔව්. පාන් කාලක් කාල වතුර බිව්ව විතරයි මචං. හැබැයි වතුර බිව්වෙ කාල ඉවර හින්ද නෙමෙයි. පන් කන්න හොද්දක් ගන්න සල්ලි නැති හින්ද කියල බිබිලෙ කියන්න ගියේ නැහැ.

මෙහෙම ඉගෙන ගත්ත බිබිලෙ වෛද්‍ය විද්‍යාලයේ පළමු පන්තියේ විශිෂ්ඨ සාමාර් ථයක්ද සහිතව දඩාබෝයි රන් පදක්කමත් ශල්‍ය වෛද්‍ය අංශයට පිදෙන රොක්වුඩ් රන් පදක්කමත් දිනාගන්නව.

එතැන් සිට ඇරඹෙන වෘත්තීය ජීවිතයෙ පළමු රැකියාව වෙන්නෙ කොළඹ ජාතික රෝහළ. පසුව ඔහු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී තනතුරට පිත්වෙනව. අනතුරුවයි කථිකාචාරයවරයකු ලෙස සේවය කිරීම ආරම්භ කරන්නේ. අනතුරුව ඔහු එඩිම්බරෝ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය ලබාගන්නව. අනතුරුව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදී අංශයේ අංශාධිපති වෙනව.

මහාචාර් ය තිස්ස විතාරණ සහ මහාචාර් ය කාලෝ ෆොන්සේකා ඔහුගේ ගෝලයින්. මේ කාලයේ තමයි සේනක පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අලුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපති ලෙස පත්වන්නෙ.

අනතුරුව1970 දී සිරිමාවේ බණ්ඩාරනායක අගමැතිනිය ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරාධනා කරනව. බෙහෙත් වෙලදාවේ බොරුව හෙලිකළ මහාචාර් ය සේනක බිබිලේ චරිතය වඩාත් කථාබහට ලක්වන්නේ එතැන් සිටයි. ඔවුන් ප්‍රධාන යෝජනා පහක් රජයට ඉදිරිපත් කරනව.

ලංකාවට අනවශ්‍ය බෙහෙත් ගෙන්වීම නැවැත්වීම.

ඖෂධ වලට ඖෂධීය හෙවත් නිල නාමය පමණක් යෙදීම.

ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම රජය පමණක් සිදුකිරීම.

ලංකාවේ ඖෂධ නිෂ්පාදනය / තත්ත්ව පාලනය සහ පර් යේෂණ අංශ දියුණු කිරීම.

ඖෂධ පිලිබද විද්‍යාත්මක කරුණු පිලිබද සියළුදෙනාම දැනුවත් කිරී.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සදහායි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටවනු ලැබුවේ. එහි පළමු සභාපති වන්නේද මහාචාර් ය සේනක බිබිලේයි. එතැන් සිට ඖෂධ මාෆියාවට එරහිව දැඩි සටනක් ගෙනගිය ඔහු මෙරට අදටත් කියවෙන නමක්. මෙරට සකස්කළ ඖෂධ පනත මෙන්ම සේනක බිබිලේ විසින් කැරිබියන් දූපත් සදහා ඖෂධ පනතක් සකස්කිරීමට එරටට ගියේ ඖෂධ මාෆියා කරුවන් කළ තර් ජනද නොසලකමින්.

එහිදී පනත සකසමින් සිටියදී 1977 සැප්තැම්බර් 29 වැනිදා සහභාගී වූ සාදයකදී හදිසියේ රෝගාතුරව රෝහල් ගතකළ මහාචාර් ය සේනක බිබිලේ සදහටම දෙනෙත් පියා ගත්තේ සියල්ලන්ටම රහසක් ඉතිරි කරමින්.

ඔහුගේ අභාවය පිලිබද ඕස්ට්‍රේලියාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්ති මණ්ඩලයේ නියමු දොස්තර හාටි කිව්වේ ලංකාව කදු මුදුනකි.  සේනක බිබිලේ එහි බැබලෙන පහණයි. අපි ඒ ආලෝකය ලබා ගතිමු කියයා.

එහෙත් කණගාටුවට කරුණ වන්නේ අදටත් කදු පාමුළ අදුරු වීමයි.

9-013-e1353757811720

 

Leave a Reply

Your email address will not be published.