විශ්වටත් ටෙස්ට් වරම් ?

සංචාරක ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට නවක ක්‍රීඩක විශ්ව ෆනෑන්ඩු ඇතුලත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ නුවන් ප්‍රදීප් ආබාදයකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. නුවන් ප්‍රදීප්ගේ ශරීර යෝග්‍යතාව අද මැන බැලුණා. එහි ප්‍රතිපලය සතුටුදායක නොවන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් හෙට උදෑසන මේ පිලිබද අවසන් තීරණයක් ගන්නා බවත් තේරීම් කමිටු සාමාජිකයා ප්‍රයිම් ලංකා වෙත කියා සිටියා.

විශ්ව ෆනෑන්ඩු මෙතෙක් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නැහැ. ඔහු පළමුපෙළ තරග 44 කදී කඩුලු 127 ක් දවාගෙන තිබෙනවා. වමත් මද වේග පන්දු යවන්නකු වන ඔහු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ ද ක්‍රීඩා සමාජය වන බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා.

ඕස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් තරගය ජය ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාවයි. වසර 17 කට පසු ලැබූ එම ජයග්‍රහණ පිලිබද බොහෝ දෙනා පසුගිය දින කිහිපයේ කථා බහ කරනු ලැබුවා. මේ අනුව හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වනවා. ලෝක ශ්‍රේණිගතකිරීම් අතර පළමු ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව මෙම තරගයත් පරාජයට පත්වුවහොත් එය ඔවුන්ගේ දැඩි පසුබෑමක් වනු ඇති.

Leave a Reply

Your email address will not be published.