පොඩ්ඩන් එලවන්න මෛත්‍රී තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතැම් පළාත් පාලන නියෝජිතයින් පළාත් පාලන මැතිවරණය සදහා පක්ෂය යොමුකර තිබූ සම්මුඛ පරීක්ෂණ ලිපි ඉරා දමා පක්ෂ නායකත්වය පිලි නොගන්නා බව මාධ්‍ය හමු කිහිපයක් පවත්වමින් කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා සමග මැතිවරණයට පිවිසෙන බවයි ඔවුන් එහිදී කියා සිටියේ. මෙලෙස පක්ෂ නායකත්වය විවේචනය කරමින් අදහස් පළකළ පළාත් පාලන නියෝජිතයින් පිලිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභාවේදී අදහස් පළව තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම මහතාද ඊට එක්ව සිටීම කැපී පෙනුණා.

එහිදී ජේෂ්ඨයින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙම තත්වය පක්ෂ විනය රැකගැනීම සදහා විශාල භාධාවක් බවයි. මේ අනුව ඔවුන්ට එරහිව විනය ක්‍රියාමාර් ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. එමෙන්ම සනත් නිෂාන්ත මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ නායකත්වය පිලි නොගන්නා බවට රූපවාහිනී නාලිකාවකට පැමිණ සිදුකළ ප්‍රකාශය පිලිබද නිදහසට කරුණු විමසීමටද එහිදී තීරණය වී තිබෙනවා. පක්ෂ සමුළුව සාර් ථක කර ගැනීම සදහා සියළුදෙනා කැපවිය යුතු බවයි එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.