IOC යෙන් බාල පෙට්‍රල් ?

ඉන්දියානු තෙල් සමාගම (IOC) හරහා ඔක්ටේන් 92 වර්ගයේ ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතිදැයි වහාම සොයා බලන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ප්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇති බවට සිදුවන ප්‍රකාශ පිළිබඳ අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. පරීක්ෂණයෙන් වැරදිකරුවන් වුවහොත් දඩුවම් ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් පවත්වාගෙන යන සිපෙට්කෝ පිරවුම් තුළ කිසිදු බාල ඉන්ධන නොමැති බව සහතික කළ හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

IOC පිරවුම්හල්වලින් ඉන්දන ලබාගැනීම එම පරීක්ෂණය අවසන් වන තුරු අවධානම් බව මේ අනුව ජනතාවට දැනුම් දිය යුතු වනවා.

Leave a Reply

Your email address will not be published.