IOC ය බාල පෙට්ට්‍රල් ගෙන්වා ඇති බව තහවුරු වෙලා

සිංගප්පූරුවෙන් ආනයනය කළ ඉන්ධන බැරල් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් (ටොන් 4540.54) ප්‍රමිතියෙන් තොර බවට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණ සිදු කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. සිදු කළ පරීක්ෂණ අනුව මේ වන විට ප්‍රථම පරීක්ෂණයේ එම ඉන්ධන තොගයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉහළ අගයක් ගෙන ඇති බවත් මේ වන විට ඉදිරි පර්යේෂණ කටයුතු සිදුවන බවත් ආරංචි මාර්ග පවසා සිටියා. ඇමැතිවරයා පවසන්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ස්වල්පයක් හෝ රටට ඇතුළු වීමට ඉඩ නොතබන බවයි.

Leave a Reply

Your email address will not be published.