T.B. ජයා පාසල් බොක්සිං කිරුල උතුරට

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සම්මේලනය සංවිධානය කළ 48 වැනි T.B ජයා පාසල් බොක්සිං තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට මුලතිව් හී විද්‍යානන්ද ජාතික පාසලේ බොක්සිං කණ්ඩායම සමත් වුණා.ඒ රන් පදක්කම් 4ක් දිනා ගනිමින්.මෙහි අනු ශූරතාවය දිනා ගැනීමට සමත්වුනේ මාතර කඹුරුපිටිය මහා විද්‍යාලයයි.ඔවුන් දිනා ගත් රන් පදක්කම් ගණන 3ක්.හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨය තුන් වැනි ස්ථානය දිනා ගත්තේ රන් පදක්කම් 1ක් රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 3ක් සමගින්.

තරගාවලිය පසු ගිය අට වැනිදා සිට එකොලොස් වැනිදා දක්වා මුලතිව් හී විද්‍යානන්ද ජාතික පාසලේදී පැවැත්වුනා. මේ සඳහා පාසල් 42ක් නියෝජනය කරමින් සහභාගී වූ බොක්සිං ක්‍රීඩකයන් ගණන 190ක්.

තරගාවලියේ හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස මුලතිව් හී විද්‍යානන්ද ජාතික පාසලේ වී.සම්ශාන් සුදුසුකම් ලැබීමත් විශේෂත්වයක්.හොඳම පරාජිතයා වුයේ හොරණ විද්‍යාරතන විද්‍යාලයේ කේ.ඩබ්.ඒ.මනෝජ්.

තරගාවලිය සංවිධානය කිරීම සඳහා මුලතිව් විද්‍යානන්ද ජාතික පාසලෙන් විශාල සහයෝගයක් ලබාදීමත්,ක්‍රීඩා ලෝලීන් ලෙස පාසල් සිසු සිසුවියන් විශාල උනන්දුවකින් සහභාගී වීමත් මෙහිදී කැපී පෙනුනා.

One thought on “T.B. ජයා පාසල් බොක්සිං කිරුල උතුරට

Leave a Reply

Your email address will not be published.