රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය අහෝසි කිරීමත් සමග ඔහු සිටි මන්ත්‍රී නිල නිවසින් ඉවත් වන ලෙස අදාළ පාර්ශවයන්ට දන්වනු ලැබුවා.
කෙසේ වෙතත්, මනුෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම නිවස ලබාගෙන ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායකගේ කාර්ය මණ්ඩලයට පදිංචිය පවත්වාගෙන යාමට ඉඩ දෙන බව පවසා තිබෙනවා.