රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය දැරියගේ සිරුර හෙට (30) විශේෂ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිතයි.
ඒ මියගිය දැරියගේ දේහය ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහාය.
කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානි සහ ජේයෂ්ඨ කථිකාචාර්ය සමීර ගුණවර්ධන සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ යන පිරිස මෙම කණ්ඩායම සඳහා පත්කර ඇත.
ඒ අනුව මෙම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමේ හා අදාළ ක්ෂේත්රයේ විශේෂඥයන් රැසක් මේ සඳහා සහභාගිවීමට නියමිතය.