ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් 18,000කට අධික ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව අදාළ සිදුවීම් වාර්තා වී තිබෙන්නේ පසුගිය ජූනි මාසයේ 17 සිට මේ මස 27 වන දා දක්වා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේවා අන්තර්ජලයට මුදාහරින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා නව දත්ත පද්ධතියක් ස්ථාපිත කර ඇති බවත්ඒ මඟින් අදාළ විඩියෝව අන්තර්ජාලයට මුදා හැරිය දුරකථනය හො පරිගණය IP ලිපිනය සමඟ හඳුනා ගැනීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *