ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් T 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකාව සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස් කළා.

ශිකර් ධවාන් ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 2ක් බිද හෙලූ අතර, දුෂ්මන්ත චමීර, වනිදු හසරංග හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගිය අතර, මිනෝද් භානුක ලකුණු 36යි.

තරඟයේ හැරවුම් ලක්ෂය වූ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 12ක් ලබා ගත්තා.

තරඟයේ වීරයා ධනංජය ද සිල්වා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *