ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථානවලට යාමේදී ජනතාව කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ඒ අනුව දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.