මින් ඉදිරියට දරුවන් යොදාගෙන සිඟමන් යදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා.
කුඩා දරුවන් සමඟ සිඟමන් යදින පුද්ගලයන් හා කාන්තාවන් මහ මාර්ගවල, බස් රථ හා දුම්රිය ඇතුළු පොදු ස්ථානවල සිඟමන් යදින ආකාරය බහුලව දක්නට ඇති අතර එම දරුවන් මේ නිසා කෘෘරත්වයට පත්වන හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පියවරගෙන තිබෙනවා.