ගුරු වැටුප් වැඩි කිරීමට මෙම අවස්ථාවේදී හැකියාවක් නොමැති බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කරන බව අද(02) පුවත්පත් වාර්තා කරනවා.
භාණ්ඩාගාර ලේකම්වරයා එලෙස පවසා සිටියේ වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පිළිසඳරකදීයි.
පවතින කොවිඩ් බලපෑම මත එලෙස වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 68ක මුදලක් වැය වන බවද එස්.ආර්. ආටිගල එහිදී ප්‍රකාශ කළා.