යුනියන් ඇෂුවරන්ස් හි Investment+ මඟින් , 7.5% ක සාමාන්‍ය වාර්ෂික පොලී අනුපාතයක් සහිතව සහතික කළ වාර්ෂික ප්‍රතිලාභයක්
(පරිණත අවස්ථාවේ සහතික කළ ප්‍රතිලාභ) ලබා දෙන අතරම රක්ෂිතයා සහ යැපෙන්නන් සඳහා වූ සුවිශේෂී ජීවිතාවරණයකින්ද රැකවරණය ලබාදේ.

දැන් පාරිභෝගිකයින් හට අපගේ ශාඛා වෙත පැමිණීමට අවශ්‍ය වන්නේ නැත. පාරිභෝගිකයින් හට ඔවුන්ගේ නිවසේ සිටම පහසුවෙන් Investment+ රක්ෂණ විසඳුම ලබාගත හැකිය.. ඒ සඳහා කල යුත්තේ https://buyonline.unionassurance.com/investmentplus/ වෙත පිවිසීම පමණි.ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් ලබාදීමට 1330 අංකය අමතන්න. අපගේ පාරිභෝගික සේවාජාලය සතියේ දින 7 දීම පැය 24 පුරා සේවයේ නිරත වේ.

INVESTMENT + යනු ප්‍රතිපත්තිමය කාලසීමාව අවසානයේ සහතික කළ මුළු ප්‍රතිලාභයක් සමඟ, දරුවෙකුගේ අධ්‍යාපන මූල්‍ය අරමුදලක්
ගොඩ නගාගැනීම , නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ විශ්‍රාම අරමුදලක් ගොඩ නගාගැනීම වැනි මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කදිම ආයෝජන විසඳුමක් සේ හැඳින්විය හැක.

INVESTMENT + රක්ෂණ ඔප්පුහිමියන්ට කෙටි කාලීන අවුරුදු තුනක කාල පරාසයක් තුළ ප්‍රාග්ධනයක් ගොඩනැගීමට අවස්ථාව ලබා දෙයි.
මෙහිදී අරමුදලේ කාල සීමාව සඳහා රැකවරණය සපයන අතර රක්ෂිතයාගේ අකල් වියෝවක දී යැපෙන්නන් සඳහා සම්පූර්ණ සහතික කළ ප්‍රතිලාභයක් ලැබෙනු ඇත.පවත්නා අඩු-පොලී පරිසරය තුළ, INVESTMENT + යනු මහඟු කෙටිකාලීන ස්ථාවර ආයෝජන විසඳුමක් ලෙස සැලකිය හැක.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 මාර්තු මාසය වනවිට බිලියන 18.4 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.3 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 306% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම
ආයෝජනයන් සිදුකරමින් සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *