කොවිඩ් ආසාදිත රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා, රෝහල්වල තදබදයක් ඇතිවී තිබෙන බැවින් එවැනි රෝහල්වල සාමාන්‍ය රෝගීන් සඳහා වෙනත් වාට්ටු ලබාදී හිස්කරගනු ලබන එකී වාට්ටු, කොවිඩ් ආසාදිතයන් සඳහා ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මෙරට පුඅවත්පතකට පවසා තිබෙනවා.

රාගම රෝහලට ගොස් පවතින තත්ත්වය නිරීක්ෂණය කළ අවස්ථාවේ කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබන වාට්ටුවල පවතින තදබදය සියැසින් දුටු බවත්, රාගම රෝහලේ වෙනත් වාට්ටු ලබාගෙන එම කොවිඩ් රෝගීන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කළ බවත් සෞඛ්‍ය ඇමැතිවරිය පැවැසු බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *