මින් ඉදිරියට දුම්රිය තුළ ගමන් කළ හැක්කේ අවසරලත් අය සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.
ඒ් අනුව රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ ලියකියවිලි නොමැති පුද්ගලයින්ට අන්තර් පළාත් දුම්රිය සේවාවන් භාවිත කිරිමේ හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.
දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට එයට අදාළ ලියකියවිලි ඕනෑම වේලාවක පරීක්ෂා කර නිසි පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.