රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත්, තම සමාගම සතුව අවශ්‍ය තරම් ගෑස් සංචිත තිබෙන බවත් ලිට්රෝ ගැස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසනවා.
“රටේ ගෑස් අවශ්‍යතාවය සමාගම් දෙකම රටට ලබා දෙන අවස්ථාවක දී ටොන් 43,000 ක් පමණ. මේ 43,000 ම මේ වන විට ලිට්රෝ සමාගම සතුව තිබෙනවා. සාමාන්‍යයෙන් දිනකට ලංකාවේ දේශීය වෙළෙඳපොළ තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර අවශ්‍යතාවය තිබුණේ 88,000 – 90,000 අතර. මේ සමාගම් දෙකම ගෑස් නිකුත් කරද්දී. මේ වෙන කොට අපි දිනකට ගෑස් සිලින්ඩර 95,000කට වඩා වෙලෙඳපොළට නිකුත් කරනවා. 09 දා රාත්‍රියේ ලක්ෂයයකට වඩා නිකුත් කළා. මේ විදියට ඊළඟ සියලු දිනයන් හි ඒක දිගට ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළෙඳපොළට නිකුත් කරනවා.”
මේ අතර ලිට්රෝ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට බෙදාහැරීම් අත්හිටුවා ඇති ලාෆ්ස් ගෑස් සමාගමට අවශ්‍ය ගෑස් සංචිත ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගමට හැකි බවයි.