ඊයේ(12) දින මෙරට වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන 3,039ක් ලෙස ඊයේ රාත්‍රියේ වාර්තා වුණා.
ඒ ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ දත්තවලට අනුවයි.
නමුත් අද උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ, ඊයේ(12) වාර්තා වූ ආසාදිතයින් ගණන 2,993ක් බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව නිවැරදි තොරතුර කුමක්ද යන්න විමසීම සඳහා අප රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා සම්බන්ද කර ගැනීමට උත්සහ දැරුවද එය ව්‍යර්ථ වී ගියා.