එළඹෙන 21 වනදා සෑම නිවසකම කළු කොඩි ඔසවන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු කරගැනීම සඳහා ජත්‍යාන්තරය හමුවට යාමේ වැඩකටයුතු මේ වන විට අරඹා ඇති බවයි අද පවතී මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පැවසුවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව පවසමින් කතෝලික සභාව ඉකුත් ජුලි මස ජනාධිපතිවරයාට පිටු 19 කින් යුත් ලිපියක් යොමුකළා.

ඊට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද ප්‍රතිචාරය පිළිබඳව සැහීමකට පත් නොවන බව සඳහන් කරමින් අද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වූ අගරදගුරුතුමන් පැවසුවේ මෙම රජය බලයට පැමිණියේ මාසයක් ඇතුළත එම ප්‍රහාරයන් පිළිබඳ ඇතත් රටට හෙළි දරව් කරන බවට පොරොන්දු වෙමින් බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් ද එසේ සත්‍ය යටපත් කිරීමට මෙරට පාලකයින් සිතා සිටින බව පැහැදිලි බව අගරදගුරුතුමන් වැඩිදුරටත් සඳහන් කළා.

මෙම තත්වය ඉවසා සිටිය යුතු නැති බවත් ඊට විරුද්ධ වීම සියලු දෙනාගේ යුතුකම බවත් වසංගතතය පාලනය කිරීමට දැරෙන ප්‍රයත්නයන්ට බාධාවක් නොවන ලෙස අපි 21 දා කලු කොඩි ඔසවන බවත් අගරදගුරුතුමන් වැඩිදුරටත් අවධාරණය කළා.

එමෙන්ම අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුයේ, වත්මන් රජයෙන් සාදාරන විසඳුමක් නොලැබුණහොත් මේ ප්‍රශ්නයට ජාත්‍යන්තර අරගෙන යන බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් පක්ෂයක සාමාජිකයින්ගෙන් යුත් කමිටුවක් පත් කරනවා වෙනුවට සියලු පක්ෂවල නියෝජනයක් සිදුවන පරිදි නව කමිටුවක් පත් කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“එක දේශපාලන පක්ෂයක සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශවලට උඩින් පත්කිරීම අපි කිසිසේත් පිළිගන්නේ නෑ. මේ සිදුවේගෙන යන ක්‍රියාදාමය තුළින් සත්‍ය එළියට එයි කියලා අපිට කිසිසේත් විශ්වාස කරන්නට බෑ. නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුවක් පත්කරන්න අවශ්‍ය නම් සියලුම පක්ෂවල අය සම්බන්ධ වෙන කමිටුවක් වියයුතුයි.”

ඒ වගේම අපි රජයෙන් විමසා සිටිනවා හමුදා බුද්ධි අංශ හා සහරාන් අතර විටින් විට සිදුවූ ගනුදෙනු සම්බන්දව විමර්ශනය කලාද?ආමි මොහිදීන් කියන්නේ කවුද? මේවා ජනාධිපති කොමිසන් වාර්තාවෙත් තියෙනවා. මේවා ගැන පරීක්ෂණ කලාද කියලා අහන්න කැමති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *