ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී පුද්ගලයෙකුව අද (14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත එක් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචියක් ඇති පනාගොඩ ප්‍රදේශයේ තාවකාලික පදිංචියක් සහිත පෞද්ගලික වෙබ් නාලිකාවක මාධ්‍යවේදියෙකු බව අනාවරණය කරගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.