පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද (14) දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගනු ලැබුවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *