ඩෙල්ටා වෛරසය රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යෑමෙන් තත්ත්වය දරුණු වී ඇති බැවින් ඉදිරි සති දෙක තීරණාත්මක බවත්, කොවිඩ් ආසාදිතයන් වැඩි ප්‍රතිශතයක් වාර්තා විය හැකි බැවින්, අත්‍යවශ්‍යම කරුණකට මිස නිවෙස්වලින් පිටතට යෑමෙන් වළකින ලෙසටත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන අනතුරු අඟවන බව අද (16) පුවත්පත් සඳහන් කරනවා.

මේ වනවිට ඩෙල්ටා ප්ලස්, ලැම්ඩා, එක්ටයිලස් නමැති විකෘති වෛරස ප්‍රභේද ලෝකයේ රටවල බිහි වී ඇතැයිද එක්ටයිලස් වෛරසය ඩෙල්ටා වෛරසයට වඩා ප්‍රබල භයානක වෛරසයක් බැවින්, එන්නත්වලට එම අලුත් ප්‍රභේද වැළැක්වීමට නොහැකි බවත් රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරන බව සඳහන්.

එම වෛරස විකෘතියක් ඇති වුවහොත් දැඩි අවදානමක් මෙරට ඇතිවිය හැකි බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *