පවතින තත්ත්වය හමුවේ පළාත් අතර සංචරණ සීමා නැවත දැඩි කිරීමත් සමඟ එම නීතිය උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියේ සහායට ත්‍රිවිධ හමුදාවද කැඳවා ඇති බව අද (16) පුවත්පත් වාර්තා කරනවා.
අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති සේවකයන් හැර අන් කිසිවකුට පළාත් අතර ගමන් කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් පසුගියදා සඳහන් කළා.
විශේෂයෙන් බස්නාහිර පළාතට ඇතුළු වන පාලම්, මාර්ග හා අතුරු මාර්ග සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිසියේ සහායට යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදාවන්හි සෙබළුන් කැඳවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කල බවයි ඔහු උපුටා දක්වමින් පුවත්පත් වාර්තා කරන්නේ.