මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (17) වීදි සංචාරය කිරීමට නියමිතයි.

අද පස්වරු 07.05ට යෙදෙන සුබ නැකැතින් දකුණු දිශාමුඛව සිවු මහ දේවාල පෙරහර කැටුව ශ්‍රී දළදා මාලිගාව අබියසින් පිටත්වන අවසන් පස්වැනි කුඹල් පෙරහර වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිත අතර නැදුන්ගමුව රාජා හස්තියා පෙරහර කරඬුව වැඩම කරවන බව පෙරහර කමිටුව සඳහන් කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *