ශ්‍රී ලංකාවට අන්‍යන්‍ය වූ වර්තමාන එන්නත්කරණ ප්‍රතිශක්තිකරණයට ඔරොත්තු නොදෙන නව දරුණු කොවිඩ් වෛරස ප්‍රභේදයක් ඇතිවන බැවින් මේ වසර අවසානයේ, කොවිඩ් වසංගතය හමුවේ අපට භයානක තර්ජනයකට මුහුණදීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන බව අද (18) පුවත්පත් වාර්තා කරනවා.
කොවිඩ් _ 19 වසංගත තත්ත්වයේ අවදානම් මට්ටම්වල 4 වැනි මට්ටමට රට පත්ව ඇති බව ප්‍රකාශයට පත්කර, එම මට්ටමට අනුව ගතයුතු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි, එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරන බව පුවත්පත් පවසනවා.