2021 ICC T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(17) නිවේදනය කෙරුණා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වෙන්නේ ඕමානය හා පැපුවා නිව් ගිනියාව අතරයි.

මෙවර තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරග දෙක අබුඩාබි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තෙවැනි තරගය සාජාහී දී පැවැත්වෙන බව ICC සදහන් කළා.

කණ්ඩායම් කාණ්ඩගතව ඇති අයුරු හා තරග කාලසටහන –

Round 1

Group A: Sri Lanka, Ireland, Netherlands and Namibia
Group B: Bangladesh, Scotland, Papua New Guinea and Oman

(Top two teams from each group advance to Super 12s)

Super 12s

Group 1: England, Australia, South Africa, West Indies, A1 and B2.
Group 2: India, Pakistan, New Zealand, Afghanistan, A2 and B1.

(Top two teams from each group advance to the semi-finals)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *