කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද (17) දිනයේ දී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 10 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතය.
උදෑසන 10 සිට 11 දක්වා කාලසීමාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකෙරෙන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙන අතර පෙරවරු 11 සිට පස්වරු 4:30 දක්වා කොවිඩ් තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත, නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් ද්විත්වයක් සහ රේගු ආඥා පනතේ යෝජනා ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
.