කොරෝනා වෛරසය ව්‍යාප්ත වී කොවිඩ් මරණ වැඩිවීමේ වගකීම මුළුමනින් ම භාරගත යුත්තේ ස්ටාලින්, සජිත්, අනුර පොකුර බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙරට ප්‍රධාන පුවත්පතකට සාකච්ඡාවක්ප ලබා දෙමින් පවසා තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් නොතකා පසුගිය කාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ආශීර්වාදයෙන් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ගුරුවරුන් පාරට ගෙනැවිත් උද්ඝෝෂණ සිදුකළ නිසා කොරෝනාවෛරසය පැතිර යාමට අවශ්‍ය පරිසරය සකස් වූ බවත් කොවිඩ් ව්‍යාප්ත කිරීමට ‘කොවිඩ් පොකුරු’ සෑදූ එම දේශපාලන පක්ෂ නායකයන් දැන් රට වහන්නට යැයි පැවසීම විහිළුවක් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් මරණ වැඩිවීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට චෝදනා කරන මෙම පිරිස සෞඛ්‍ය උපදෙස් නොතකා ගුරු උද්ඝෝෂණ, ගොවි මහතුන්ගේ උද්ඝෝෂණ සංවිධාන කළේ ඇයි ද කියා තමා විපක්ෂයෙන් ප්‍රශ්න කරන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *