මහජනතාව අනවශ්‍ය නිරාවරණයකට ලක්කොට ‘ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේදයක්’ නිර්මාණය වනතුරු බලා නොසිට රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආණ්ඩුව තීරණයක් නොගතහොත් සියලු වෘත්තීන්හි, වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව රට ලොක්ඩවුන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බහුජන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් පවසනවා.

එළැඹෙන සිකුරාදා වනවිට රජය රට සම්පූර්ණයෙන්ම වසා දැමීමක් සිදු නොකළහොත් සඳුදා සිට වෘත්තීය සමිති සියල්ලම ඒකාබද්ධව වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් තුළින් ස්වයංව රට ලොක්ඩවුන් කිරීමකට ගෙන යන බවද හෙතෙම අවධාරණය කළා.

මෙය කිසිසේත්ම තම වෘත්තීය ඉල්ලීම් දිනාගැනීම උදෙසා දියත් කෙරෙන ක්‍රියාමාර්ගයක් නොව රටේ ජනතාව නිවෙස්වල තබා ගැනීමට සිදුකරන ක්‍රියාවක් බවත් මේ අවස්ථාවේදී සිදු කළ යුත්තේ වෛද්‍ය සහ විද්‍යාත්මක හඬට කන්දීම බවත් එසේ නොවුණහොත් මේ රට ඉතා නරක තත්ත්වයකට පත්විය හැකි බවත් රවි කුමුදේශ් අනතුරු අඟවනව.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *