මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් හිමි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.
අද ජනාධිපතිකාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කල බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.
එම සාකච්ඡාව නිමවී පැමිණි අමාත්‍ය ගාමිණි ලොකුගේ සඳහන් කලේ අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගනිමින් අනෙක් කටයුතු සඳහා සීමා පනවන බවයි.
ඒ කොපමණ කාලයකටද යන්න අද රාත්රියේදී දැනුම් දෙන බව මාධ්‍යවේදීන් කල විමසීමකදී ඒ මහතා සඳහන් කළා.