ඊයේ (20) රාත්‍රී 10 සිට එළඹෙන 30 වනදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පැනවුවා.

ඒ අනුව එම කාලසීමාව තුල තම සේවා සැපයීම හා ඒ සඳහා පිටත්ව යා හැකි පිරිස් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ නිකුත් කර තිබෙනවා.

එලෙස නිර්දේශලත් පිරිස පහතින්.

සෞඛ්‍ය අංශ සේවකයින්
සියලුම පොලිස් නිලධාරීන්
ග්‍රාම සේවක මහත්ම මහත්මීන්
අවසරලත් පළාත් පාලන ආයතන සේවකයින්
විදුලි,ජල,සන්නිවේදන,ඉන්ධන හා ගෑස්,මෝටර් රථ හා ටයර් සේවා,මාර්ග සංවර්ධන හා ඉදිකිරීම් අංශයේ අවසරලත් පිරිස්
ධීවර හා කෘෂිකර්මාන්තයට අදාළ නිලධාරීන් හා සේවකයින්
කුඩා කඩ හා සාප්පු සංකීර්ණ(ONLINE ක්‍රමයට පමණයි)
අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවා
බේකරි සේවා( ONLINE ක්‍රමයට හා නිවෙස් වෙත බෙදා හැරීමට පමණයි)
බැංකු සේවා (සීමා සහිත ගනුදෙනු සඳහා පමණයි)
අවමංගල්‍ය සේවා (කොවිඩ් මෘත දේහයක් හැරුණු විට අනෙක් සියලුම මරණ අවම පුද්ගල පිරිසකගේ සහභාගීත්වයෙන් පැය 24ක් තුල අවසන් කල යුතුය)
දෛනික ආදායම් ලබන්නන් හට සුවිශේෂී කටයුත්තක් සඳහා පමණක් අවම සමාජ පරතරය පවත්වාගනිමින් සේවා සැපයිය හැක.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *