මෙරට සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයකට හේතුව කොවිඩ් නියුමෝනියාව ඇතිවීමට පෙර සිදුවන පෙනහළු සංකූලතාවක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙර්රා ප්‍රකාශ කළේ, මේ වන විට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් මෘතදේහ 100 ක පමණ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති බවත් ඒ අනුව පෙනහළු සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කර ඇති බවයි.

ඒ අනුව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලින් සියයට 30 ක් පමණ මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව තත්ත්වයෙන් බවත් ඊටත් වඩා අඩු ප්‍රමාණයක් ලේ කැටි ගැසී පෙනහළුවල සිරවීමෙන් මියගොස් ඇති බවද ඔහු සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *