සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් රැස්වී සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.