ඊයේ (29) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,500 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 4,612 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.
දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 426,169 ක්.
ඒ අතරින් 357,598 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59,796 ක් වනවා.
පසුගිය 28 වන දිනයේ තවත් කොරෝනා මරණ 192 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,775 දක්වා ඉහළ ගියා.
(මූලාශ්‍ර – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)